මීරිගමදී ටිපර් රථයක් දුම්රියක ගැටෙයි

by Staff Writer . 15-12-2021 | 11:08 AM

COLOMBO (News 1st) – අද (15) අලුයම මීරිගම දුම්රිය හරස් මාර්ගයේදී ටිපර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු විය.

අදාළ ටිපර් රථය රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී තිබුණේ, අද අලුයම 5.50 ට පමණයි. අනතුරින් ටිපර් රථ රියැදුරු තුවාල ලැබී ය.