by Staff Writer . 15-12-2021 | 9:20 AM
COLOMBO (News 1st) – පුත්තලම මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී යතුරු පැදියක් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මවක් හා පුත්‍රයෙකු මියගොස් තිබේ.
අද අලුයම සිදුව ඇති මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි පුත්‍රයා හා 53 හැවිරිදි ඔහුගේ මවයි.
ඔවුන් අනුරාධපුරයේ රෝගියෙකු බැලීමට ගොස් යළි එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයින් කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.