අතුරුදන් වූ කාන්තාවන් දෙදෙනා සොයා ගනී

UPDATE : එනසාල් කඩන්න ගොස් අතුරුදන් වූ කාන්තාවන් දෙදෙනා සොයා ගනී

by Staff Writer . 14-12-2021 | 11:53 AM

COLOMBO (News 1st); සිංහරාජ වනයේ අලුත් ඉල්ලම ප්‍රදේශයේ එනසාල් කැඩීමට ගොස් අතුරුදන් වූ කාන්තාවන් දෙදෙනා හමුවී තිබේ.

පොලීසීය සඳහන් කළේ, මීදුම හේතුවෙන් මග වැරදී ඔවුන් අතරමංව ඇති බවයි. අනතුරුව වෙනත් මාර්ගයක් ඔස්සේ පැමිණි ඔවුන්, දෙණියාය ප්‍රදේශයෙන් සිංහරාජ වනාන්තරයෙන් පිටතට පැමිණ තිබේ. 39 හා 40 හැවිරිදි දෙබරන් සයිඩ් ඉත්තකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකු එලෙස අතුරුදන්ව ඇති බවට සූරියකන්ද පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ ඊයේ දිනයේදීයී.