බෝග වර්ග 7ක බීජ ආනයනය සීමා කිරීමේ සැලස්මක්

බෝග වර්ග 7ක බීජ ආනයනය සීමා කිරීමේ සැලස්මක්

by Staff Writer . 14-12-2021 | 2:20 PM

COLOMBO (News 1st); මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග 7 ක බීජ ලබන වසරේදී ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

අර්තාපල්, බී ලූනු , මිරිස් , රතු ලූනු , උදු, බඩඉරිඟු හා රටකජු යන බෝග වර්ගවල බීජ මේ යටතේ ආනයනය සීමා කිරීමට නියමිතයි. නාවලපිටිය , අලුත්ගම මිරිස් බීජ නිෂ්පාදන ගම්මානයේ , දෙමුහුන් බීජ කිලෝග්‍රෑම් 1500 ක් මේ වනවිටත් නිෂ්පාදනය කර අවසන් කර තිබේ. බී ලූණු බීජ නිෂ්පාදනය දඹුල්ල දිගම්පතහ ගොවිබිම්වල සිදුකෙරේ. අර්තාපල් බීජ නුවරඑළිය රජයේ ගොවිපළේදී නිෂ්පාදනය කෙරෙන අතර රතු ලූනු, උදු, රටකජු සහ බඩඉරිඟු බීජ නිෂ්පාදනය ද සාර්ථකව සිදුකෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.