by Staff Writer . 14-12-2021 | 8:40 AM
COLOMBO (News 1st); තැපැල් සේවකයින් ඊයේ පස්වරුවේ ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (14) මධ්‍යම රාත්‍රි 12 දක්වා ක්‍රියාත්මකයි.
බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය ඇතුළු ඉල්ලීම් 24 ක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, ඒ අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව තැපැල් හා උප තැපැල් කාර්යාලවල සේවාවලින් සිය සාමාජිකයින් ඉවත් වූ බවයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ තැපැල් සේවකයින් පිරිසක් සේවා සඳහා වාර්තා කර නොමැති බවයි.