by Staff writer 13-12-2021 | 10:06 AM
COLOMBO (News 1st ) – අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(13) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ , අවුරුදු 16 ත් 18 ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදීමට තීරණය කළ බවයි.
අවුරුදු 12 ත් 15 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට පමණක් මීට පෙර ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබා දුන්නේ ය.