බඩඉරිඟු ,තිරිඟු ආනයනයට අවසර

සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු සහ තිරිඟු ආනයනයට අවසර

by Staff Writer . 13-12-2021 | 5:09 PM

COLOMBO (News 1st ) - සත්ත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු සහ තිරිඟු ආනයනය කිරීමට තීරණය කර තිබේ .

ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 40,000ක් සහ තිරිඟු මෙට්‍රික් ටොන් 200,000ක් අනායනයට අවසර හිමිව ඇත . මෙම තීරණය සඳහා මුදල් අමාත්‍යවරයා අවසර දුන් බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කළේ ය .