ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය...

ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය...

by Staff Writer . 13-12-2021 | 8:44 AM

COLOMBO (News 1st ) –  නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. දිවයින හරහා ඊසානදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් පැවතීම මෙම වැසි තත්ත්වය වැඩිවීමට හේතුවයි.