කොටදෙණියාවේ දරුවන් දෙදෙනෙක් අතුරුදන්

අතුරුදන් වූ දරුවන් දෙදෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

by Sagarika Chathumali 13-12-2021 | 1:17 PM

COLOMBO (News 1st ) – කොටදෙණියාව, බාඳුරාගොඩ ප්‍රදේශයේදී අතුරුදන් වූ කුඩා පිරිමි ළමුන් දෙදෙනකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

පොලීසීය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වයස අවුරුදු 10 ක් හා 12 ක් වන ඥාති සොයුරන් දෙදෙනකු මෙලෙස අතුරුදව ඇති බව ය. අතුරුදන් ළමුන් දෙදෙනාගේ විස්තර පහත පරිදි වේ. නම              - දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් වයස            - අවුරුදු 10 රූප විස්තර   - උස අඩි 04 ක් පමණ තළෙළුයි. කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දෙපස දත් දෙකක් වැටී ඇත. අවසන් වරට හැඳ සිටි ඇඳුම් - නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති කොටු සහිත කොට කලිසමක් නම - ජයසේකර මුදලිගේ අකිල දේදුණු වයස අවුරුදු - 12 රූප විස්තර - උස අඩි 4 අඟල් 10 පමණ තළෙලු කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා ඇත. අවසන් වරට හැඳ සිටි ඇඳුම් - නිල් පැහැති කොලර් සහිත ටී ෂර්ට් එකක් සහ රතු පැහැති කොට කලිසමක් මෙම දරුවන් දෙදෙනා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති - 071 - 8591634 කොටදෙණියාව පොලිස් ස්ථානය - 033 - 2240050 කොටදෙණියාව පොලිස් ස්ථානය  - 033- 2272222