The Voice Sri Lanka කිරුළ හරිත් විජේරත්නට

The Voice Sri Lanka කිරුළ හරිත් විජේරත්නට

by Staff Writer . 12-12-2021 | 7:29 AM

COLOMBO (News 1st) - හරිත් විජේරත්න - ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ , ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තේ ය

ඒ ඊයේ (11) රාත්‍රි පැවති අවසන් මහා තරගයේදී ය. ශ්‍රී ලාංකේය දක්ෂතම හඬ පෞරුෂය සොයා ගිය -ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ අවසාන මහා තරගය ඊයේ රාත්‍රි පැවැත්වුණේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයෙදීය. කලාකරුවන් ඇතුළු 'වොයිස් ' තරගකරුවන් රැසක් පිරිවරා පැවති අවසන් මහා තරගය වර්ණවත් කිරීමට සංගීතාංග රැසක් ද එක් කර තිබුණේ ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමිනි . අවසන් මහා තරගයට තේරී පත්ව සිටියේ, හරිත් විජේරත්න,මියුරු සෝමරත්න,තිලිණ සුදේශ්,ජුලියස් මිචෙල් යන තරගකරුවන් ය. ඔවුන් සිය ගායන ප්‍රතිභාවන් ප්‍රකට කළේ ප්‍රේක්ෂකාගාරය කුල්මත් කරමිනි. වොයිස් වේදිකාවේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ උමාරියා සිංහවංශ,ශෂිකා නිසංසලා,කසුන් කල්හාර,භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් යන කලාකරුවන් ද වොයිස් වේදිකාවේ ගීතවත් කළේ ය . සම්මානනීය සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගීත ගායනා කරමින් ද වොයිස් තරගකරුවන් ඔහුට උපහාර දැක්වූ අතර වික්ටර් රත්නායකයින්ට සමරු සිහිවටනයක් ද පිළිගැන්වීම විශේෂත්වයකි. එය පිළිගන්වනු ලැබුවේ ද වොයිස් ශ්‍රී ලංකා විනිසුරු මඩුල්ල විසිනි . අවසන් මහා තරගයේ උච්චතම අවස්ථාව වූයේ ද වොයිස් ශ්‍රී ලංකා ජයග්‍රහකයා තෝරා පත් කර ගැනීමයි. ඒ අනුව ප්‍රේක්ෂක මනාපයෙන් මෙවර ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ හරිත් විජේරත්නට හිමිවිය . ජයග්‍රාහකයින්ට රුපියල් මිලියන ගණනක ත්‍යාග ඇතුළු ත්‍යාග රැසක් හිමිවිය.