by Staff writer 11-12-2021 | 4:59 PM
COLOMBO (News 1st)- පුත්තලම - මන්නාරම මාර්ගයේ 11වන කණුව ආසන්නයේදි අද (11) උදෑසන බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, එළුවන්කුලම සිට පුත්තලම දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.
තුවාල ලැබූවන් වනාතවිල්ලුව හා පුත්තලම රෝහල්වලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.