හෙරොයින් සමග කොටු වූ යාත්‍රාව ගැන අනාවරණයක්..

හෙරොයින් සමග කොටු වූ යාත්‍රාව ගැන අනාවරණයක්..

by Staff writer 11-12-2021 | 10:30 AM

COLOMBO (NEWS1ST): ශ්‍රී ලංකාවට දකුණු දිගින් ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 250 ක් සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව ඉරානයට අයත් එකක් බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, නාවික හමුදාවට ලද තොරතුරක් අනුව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සමග එක්ව කරන ලද මෙහෙයුමකදී ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගත් බවයි. එම ධීවර යාත්‍රාවේ ධීවරයින් 06 දෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කළේ ය. හෙරොයින් පැකැට් 225 ක් එම යාත්‍රාවේ තිබූ බව වාර්තා වේ. නාවික සැතපුම් 900 ක් පමණ දුරින් එම යාත්‍රාව පසුගිය 8 සහ 9 දිනයන්හිදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ ය. පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් යාත්‍රාව ගොඩ බිමට රැගෙන ඒමට තව දින 02 ක් පමණ ගත වන බවයි. මේ වනවිට එම යාත්‍රාව ගොඩ බිමට රැගෙන එමින් පවතී.