තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමට නව ස

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාවට නව සාමාජිකයින් පත් කෙරේ

by Staff writer 11-12-2021 | 4:02 PM

COLOMBO (News1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාවට නව සාමාජිකයින් පත්කර තිබේ .

ඒ, 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12 (1) වගන්තියේ විධිවිධාන යටතේය . ඒ අනුව එම කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පත්කර තිබේ . පත්කළ එහි සෙසු සාමාජිකයින් මෙසේය. *ලියනආරච්චිලාගේ ජගත් බණ්ඩාර ලියනආරච්චි , *කිෂාලි පින්ටෝ ජයවර්ධන, *විශ්‍රාමික විනිසුරු පී රෝහිණී වල්ගම‍ *ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්