අහසට වෙඩි තබා රත්තන් බඩු සාප්පුවක් කොල්ලකයි

අහසට වෙඩි තබා රත්තන් බඩු සාප්පුවක් කොල්ලකයි

by Staff writer 11-12-2021 | 6:14 PM

COLOMBO (News 1st ) - බොරැල්ල - මරදාන පාරේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකා තිබේ .

පොලීසිය සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ස්වරණාභරණ අලෙවිසැල කොල්ලකා පලාගොස් ඇති බවයි. තුවක්කුවක් අතැතිව පැමිණි කොල්ලකරුවන් අහසට වෙඩිතබා ස්වර්ණාභරණ අලෙවිසැලේ සේවකයින් බියගන්වා මෙම කොල්ලය සිදුකර පලාගොස් තිබේ.