by Staff Writer . 10-12-2021 | 4:15 PM
COLOMBO (NEWS1ST): අම්පාර - ලාහුගල හුලන්නුගේ හදහිඳගම ගම්වාසීන්ට අද ගම්මැද්දෙන් පිරිසිදු පානීය ජල පෙරණ පද්ධතියක් ලබා දීමේ කටයුතු ආරම්භ විය.
ඒ, පවුල් 200 කට අධික සංඛ්‍යාවක් දිවි ගෙවන මේ ප්‍රදේශයේ ජනතාව කලක සිට මුහුණ දුන් පිරිසිදු පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමිනි.
මේ ව්‍යාපෘතිය ව්‍යාපාරික හර්ෂ ඩයස් මහතාගේ මූල්‍ය අනුග්‍රහයයෙන් ඉදිකෙරෙන අතර, ඒ සඳහා තාක්ෂණික සහය ලබා දෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.
ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු අද පෙරවරු 10. 30 ට මහා සංඝරත්නයේ, ප්‍රදේශයේ ජනතාව, ආරක්ෂක අංශ නියෝජිතයින් සහ නිව්ස් ෆස්ට් කළමනාකරු වසන්ත මාසිංහගේ මහතා ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.