යුද හමුදාපතිවරයා නවදිල්ලිය බලා පිටත්ව යයි

යුද හමුදාපතිවරයා නවදිල්ලිය බලා පිටත්ව යයි

by Sagarika Chathumali 10-12-2021 | 10:22 AM

COLOMBO (NEWS1ST):  ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (10) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේ ය.

යුද හමුදාපතිවරයා නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ, ගුවන් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් මහතාගේ දේහයට  අවසන් ගෞරව පුද කිරීම සඳහායි. බිපින් රාවත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ හමුදා ගෞරව සහිතව සිදුකිරීමට නියමිත ය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් මහතා ඇතුළු පිරිස ගමන් ගත් හෙළිකොප්ටර් යානය පසුගිය 8 වනදා තමිල්නාඩුවේදී අනතුරට ලක්වීමෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා, ඔහුගේ බිරිඳ ඇතුළු 12 දෙනෙකුට ජීවිත අහිමිවිය. අනතුරින් දිවි බේරා ගැනීමට හැකි වූයේ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමු ගෲප් කපිතාන් වරුන් සිං මහතාට පමණි. ඔහු ද දැඩි පිළිස්සුම් තුවාල සහිතව බරපතල තත්ත්වයේ පසුවේ. යානයේ කළු පෙට්ටිය ද මේ වනවිට සොයා ගෙන ඇති අතර අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.