by Staff Writer . 10-12-2021 | 4:35 PM
COLOMBO (NEWS1ST): ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවට සහය දීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේ, මුදල් අමාත්‍යංශයේ වැය ශිර්ෂ විවාදය ආරම්භ කරමිනි.
විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කර සිටියේ, මහ බැංකුව විදෙස්ගත ශ්‍රමිකයින් එවන මුදල් බලෙන් පරිවර්තනය කරන්නේ කෙසේ ද යන්නයි.
මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විදේසගත ශ්‍රමිකයින් එවන මුදල් කිසිසේත්ම බලහත්කාරයෙන් මහ බැංකුව බලහත්කාරයෙන් රුපියල් බවට පරිවර්තනය නොකරන බවයි.