මෙක්සිකෝවේ ට්‍රක් රථ අනතුරකින් 53 දෙනෙක් මරුට

මෙක්සිකෝවේ ට්‍රක් රථ අනතුරකින් 53 දෙනෙක් මරුට

by Staff Writer . 10-12-2021 | 1:15 PM

COLOMBO (NEWS1ST): මෙක්සිකෝවේදී සංක්‍රමණිකයන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධික වේගයෙන් ගමන් කළ ට්‍රක් රථය පෙරළී ගොස් පාලමක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තවත් පුද්ගලයින් 58 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. අනතුර සිදු වන විට පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් රථය තුළ සිට ඇතැයි, සඳහන් ය. ට්‍රක් රථයේ සිටි බොහෝ දෙනා හොන්ඩුරාස් රාජ්‍යයේ සිට පැමිණි සංක්‍රමණිකයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.