ශ්‍රී ලංකා නාවික හමුදා සංවත්සරය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වැනි සංවත්සරය අද

by Staff Writer . 09-12-2021 | 8:15 AM

COLOMBO (NEWS1ST):  ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.

1950 වසරේ දෙසැම්බර් 9 වැනිදා, 1950 අංක 34 දරන නාවික හමුදා පනත මගින් මෙරට ස්ථිර නාවික හමුදාවේ සමාරම්භය සනිටුහන් කෙරිණ. ඒ, රාජකීය ලංකා නාවික හමුදාව නමිනි. 1972 මැයි 22 වැනිදා එම නම, ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස පරිවර්තනය වන්නේ, ශ්‍රී ලංකාව, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකන් බවට පත්වීමත් සමගයි. මෙරට සාගර කලාපය සුරක්ෂිතව පවත්වා ගැනීමේ ජාතික අභිලාසය ඉටු කිරිමෙහි ලා සාගරික වපසරිය තුළ නාවික හමුදාව සිදුකරන හමුදාමය මෙහෙය අතිවිශාලයි. එම කාර්යන් අතර, මුහුදු මාර්ගයෙන් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සාගර කලාපය තුළ සිදුවන නීතිවිරෝධි කටයුතු මැඩපැවැත්වීම, ආපදාවට පත්වන ධීවර සහ නාවික ප්‍රජාවට සහන සැලසීම සුවිශේෂි වේ.