පොඩි ලැසී හමුවීමට ඔහුගේ නීතිඥවරුන්ට අවසර

පොඩි ලැසී හමුවීමට ඔහුගේ නීතිඥවරුන්ට, අධිකරණයෙන් අවසර

by Staff writer 09-12-2021 | 6:00 PM

COLOMBO (News 1st) – ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු යැයි කියන ජනිත් මධුසංඛ නොහොත් "පොඩි ලැසී" හමුවී උපදෙස් ලබා ගැනීමට නීතීඥවරුන්ට අවසර දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ අද (09) පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට නියෝග කළේ ය.

පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෝසමක් මගින් කළ කරුණු දැක්වීම සළකා බැලූ මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා හා ගාමිණී අමරසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය ලබා දුන්නේ ය. නීතීඥවර‌යෙකු හා සේවාදායකයා අතර පවතින සබඳතාව ආරක්ෂා වන පරිදි පෞද්ගලිකව සැකකරුගෙන් උපදෙස් ලබා ගැනීමට අවසර දෙන්නැයි වැඩිදුරටත් නියෝග කෙරිණි.