තවත් කොරෝනා මරණ 22 ක්

තවත් කොරෝනා මරණ 22 ක්

by Staff writer 09-12-2021 | 9:59 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා මරණ 22 ක් අද(09) වාර්තා විය.

ඊයේ සිදුවූ එම මරණ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ, අද පස්වරුවේ ය. මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පුරුෂයින් 13 දෙනෙකු වේ. ඒ අතරට අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 6 දෙනෙකු ඇතුළත් ය. සෙසු පුද්ගලයින් 16 දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් ය.