ඉඩම් ආරවුලක් ඝාතනයකින් කෙළවර වෙයි..

ඉඩම් ආරවුලක් ඝාතනයකින් කෙළවර වෙයි..

by Staff writer 09-12-2021 | 10:53 AM

COLOMBO (News 1st) – ගම්පහ, පල්ලෙවල ප්‍රදේශයේදී මුඟුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඉඩම් ආරවුලක් මත ඊයේ(08) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවය. ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ ඔහු වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.