ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය

කර්තෘ Sagarika Chathumali

09 Dec, 2021 | 8:00 am

COLOMBO (NEWS1ST):  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද එහි සඳහන් ය.

කාලගුණ බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු නිසා සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]