UPDATE: ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුට

UPDATE: හෙලිකොප්ටර් අනතුරින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුට

by Staff writer 08-12-2021 | 6:42 PM

COLOMBO (News 1st ) - ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය ප්‍රභුන් ගමන් ගන්නා හෙලිකොප්ටර බලගනයට අයත් එම් අයි 17 හෙලිකොප්ටරය අද (08) දහවල් 12.20 ට පමණ තමිල්නාඩුවේදී කඩා වැටී අනතුරට ලක්විය. ඒ, නවදිල්ලි ඉන්දීය ගුවන් හමුදා මූලස්ථානයෙන් ගුවන්ගතව තමිල්නාඩුවේ සුනුර් දක්වා පියාසර කරමින් තිබියදීය. ඒ වනවිට ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් මහතා සහ ඔහුගේ බිරිඳ, කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු, ගුවන් කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු යානයේ සිට තිබේ. රාවත් මහතා දිල්ලියේ සිට පැමිණ ඇත්තේ වෙලින්ටන්හි පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සඳහායි. යානය සුලුර්හි ගොඩබැස්සවීමට විනාඩි 10 ක් පමණ තිබියදී මෙම අනතුර සිදුව තිබේ . අනතුරින් 13 දෙනෙකු මියගොස් ඇතැයි තහවුරු කෙරුණු අතර තුවාල ලබා සිටින පුද්ගලයා ද සියයට 90 ක පමණ පිලිස්සුම් තුවාල සහිතව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. මෘත දේහය සියල්ල මේ වනවිට තමිල්නාඩුවේ වෙලින්ටන්හි හමුදා රෝහලට ගෙන ගොස් තිබේ ජෙනරල් බිෆින් රාවත් මහතා 2019 ජනවාරි මාසයේදී ඉන්දියාවේ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වු අතර අභිනවයෙන් පත්කළ හමුදා සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීයා ලෙස ද කටයුතු කරයි. අනතුරට ලක්වූ හෙලිකොප්ටරය රැසියාවේ නිෂ්පාදනයක් වන අතර, එය සැලකෙන්නේ ලොව අතිනවීනතම හෙලිකොප්ටරයක් ලෙසය. රැසියානු ගුවන් යානා මිලදී ගෙන ඇති ඉන්දියාව පසුගියදා රැසියානු ජනාධිපති වැලැදිමීර් පුටිං ඉන්දියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ තවත් මිලදී ගැනීමක් සදහා සාකච්ඡා සිදුවිය. ඒ, එස් 400 වර්ගයේ රැසියාවේ නිෂ්පාදිත අති නවීන ගුවන් ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීම සඳහායි.