බිපින් රාවෝ ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

by Sagarika Chathumali 08-12-2021 | 2:11 PM

COLOMBO (News 1st ) – ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවෝ ඇතුළු පිරිසක් ගමන් ගත් හෙලිකොප්ටර් යානය තමිල්නාඩුවේදී කඩා වැටී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරට පත් වන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ පවුලේ සාමාජිකයින් ද ඇතුළුව 14 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇති බවයි. වාර්තා වන තොරතුරුවලට අනුව අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දෙදෙනෙකු ජීවිත බේරාගෙන තිබේ. කෙසේ වෙතත් දිවි බේරාගත් දෙදෙනා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර නොමැත. 63 හැවිරිදි බිපින් රාවෝ 2020 ජනවාරි 1 වන දින පත් කරන ලද ඉන්දියාවේ, පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියායි.