රොසැල්ලේදී එකම පවුලේ තිදෙනෙක් දුම්රියට බිලි

රොසැල්ලේදී දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

by Sagarika Chathumali 08-12-2021 | 1:36 PM

COLOMBO (News 1st ) – වටවල රොසැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් එකම පවුලේ පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ඔවුන් ගැටී ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා බව පොලීසීය සඳහන් කළේ ය. ඔවුන් අවුරුදු 75, 65 සහ 41 යන වයස්වල පසුවන මස්කෙළියේ පදිංචිකරුවන් ය.