මෙරට කොවිඩ් මරණ ගණන 14,500 ඉක්මවයි

මෙරට කොවිඩ් මරණ ගණන 14,500 ඉක්මවයි

by Staff writer 08-12-2021 | 6:48 AM

COLOMBO (News 1st ) – කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 21 දෙනෙකු ඊයේ (07) මිය ගියේ ය.

ඒ අතරින් 11 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 10 දෙනා කාන්තාවන් ය. මිය ගිය අය අතරින් 16 දෙනෙකුම අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,505 කි. මෙරටින් ඊයේ (07) හඳුනා ගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 748 කි. කොවිඩ් ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 543,111 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. .