පාර්ලිමේන්තුවේ සිද්ධීන් ගැන සෙවීමට කමිටුවක්

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධීන් ගැන සෙවීමට කමිටුවක්

by Sagarika Chathumali 08-12-2021 | 10:09 AM

COLOMBO (News 1st ) –මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා හා ආණ්ඩු පක්ෂය අතර ඇති වූ සංවාදයක් දුරදිග යෑමෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

කතානායකවරයා ඒ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. එහි සෙසු සාමාජිකයන් වන්නේ, 1. චමල් රාජපක්ෂ 2. බන්දුල ගුණවර්ධන 3. වාසුදේව නානායක්කාර 4. සුසිල් ප්‍රේමජයන්ත 5. ගයන්ත කරුණාතිලක 6. රවුෆ් හකීම් 7. අනුර ප්‍රියදර්ශන යාපා 8. විජිත හේරත් 9. රංජිත් මද්දුමබණ්ඩාර 10. එම්.ඒ. සුමන්තිරන්