ප්‍රියන්ත කුමාර මහතා අවසන් ගමන් යයි..

ප්‍රියන්ත කුමාර මහතා අවසන් ගමන් යයි..

by Staff writer 08-12-2021 | 9:14 PM

COLOMBO (News 1st) - පකිස්ථානයේදී වධ හිංසනයට ලක්ව ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුරු කොටස් අද (08) පස්වරු 6.00ට පමණ ගනේමුල්ල, පොල්හේන පොදු සුසාන භූමියේ තැන්පත් කෙරිණි .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද ප්‍රියන්ත කුමාර මහතා මීට වසර 11 කට පෙර පකිස්ථානයට ගොස් තිබේ ඝාතනයට ලක්වන විට 48 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙකි.