ප්‍රදේශ 2 කින් නාඳුනන මළ සිරුරු 2ක්...

ප්‍රදේශ 2 කින් නාඳුනන මළ සිරුරු 2ක්...

by Staff writer 08-12-2021 | 8:52 AM

COLOMBO (News 1st ) – පානදුර සහ හැටන් යන ප්‍රදේශවලින් නාඳුනන කාන්තා මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ, පානදුර උතුර, දියගගල, පාලම් පාරුව අසල තිබී අවුරුදු 50 ක් පමණ වයසැති නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගෙන ඇති බවයි. හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඇළක් අසල තිබී අවුරුදු 60 ක් පමණ වයසැති කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවෙ අදාළ සිරුරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.