ධීවරයෙකු අතුරුදහන්..

ධීවරයෙකු අතුරුදහන්..

by Staff writer 08-12-2021 | 8:16 AM

COLOMBO (News 1st ) – ගන්දර ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් අනතුරට පත්වී ධීවරයෙකු අතුරුදන්ව තිබේ.

මෙසේ අතුරදන්ව ඇත්තේ , දෙවිනුවර, කපුගම පදිංචි 64 හැවිරිදි ධීවරයෙකි. ඔහු තවත් හතර දෙනෙකු සමග "පියුමිකා 02" බහුදින යාත්‍රාවෙන් පසුගිය 28 වැනිදා මුහුදු ගොස් තිබේ. අප වාර්තාකරු පැවසුවේ , කිරින්ද මුහුදු සීමාව තුළදී එන්ජිම ක්‍රියා විරහිතව, රළ පහරට හසුව යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් එහි සිටි සෙසු ධීවරයින් වෙනත් බහුදින යාත්‍රාවකට ආධාරයෙන් දිවි බේරාගෙන තිබේ.