තවත් කොරෝනා මරණ 28 ක් අද වාර්තා විය.

තවත් කොරෝනා මරණ 28ක්

by Staff writer 08-12-2021 | 10:48 PM

COLOMBO (News 1st) - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (08) පස්වරුවේ තහවුරු කළ එම මරණ වාර්තා වී ඇත්තේ ඊයේ (07) දිනයේදීය.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පුරුෂයින් 15 දෙනෙකු වේ . අවුරුදු 30 ත් 59 ත් අතර පසුවන පුද්ගලයින් 7 දෙනෙකු මියගිය අය අතර සිටී. සෙසු පුද්ගලයින් අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 757 දෙනෙකු අද වාර්තා විය. ඒ සමගම සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 569,928 ක් දක්වා ඉහළ ගියේ ය.