තෙල්, වරාය, විදුලි සේවකයින් අද කොළඹට..

ජාතික සම්පත් විකීණීමට විරෝධය පල කරමින් තෙල්, වරාය, විදුලි සේවකයින් අද කොළඹට..

by Staff writer 08-12-2021 | 6:20 AM

COLOMBO (News 1st ) – තෙල්, වරාය, විදුලි සේවකයින් අද(08) කොළඹට පැමිණ විරෝධතාවක නිරතවීමට තීරණය කර තිබේ.

ජාතික සම්පත් විකීණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ, අද(08) දහවල් 12.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මෙම විරෝධතාව පැවැත්වෙන බවයි. සේවකයින් ඒකාබද්ධව අත්සන් කළ පෙත්සමක්ද ජනධිපතිතුමා වෙත භාරදීමට නියමිතව ඇතැයි ද ඔහු පැවසුවේ ය.