ගෑස් සමාගම් හා වගකිවයුත්තන්ට එරෙහිව පෙත්සමක්

ගෑස් සමාගම් හා වගකිවයුත්තන්ට එරෙහිව පෙත්සමක්

by Staff Writer . 08-12-2021 | 4:08 PM

COLOMBO (NEWS1ST): අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම් හා වගකිවයුතු පිරිසට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට අද (08) රීට් පෙත්සමක් ගොනු කළේ ය.

ඒ, සමාජ ක්‍රියාකාරියකු වන නාගහනන්ද කොඩිතුවක්කු මහතා විසිනි. ඉන් ඉල්ලා ඇත්තේ අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර් පුපුරායාමෙන් අනතුරට පත් පිරිසට හා මියගිය පිරිසගේ පවුල්වල ඥාතීන්ට වන්දි ගෙවීමට, ලාෆ් හා ලිට්‍රෝ ගෑස් සමාගම්වලට නියෝග කරන ලෙසයි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ලාෆ් හා ලිට්රෝ ගෑස් සමාගම්, පාරිභෝගික සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය හා නීතිපතිවරයා නම් කර තිබේ. පෙත්සම, හෙට (08) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.