News 1st සහ ගම්මැද්දට UN ස්වේච්ඡා සේවක සම්මාන...

එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවක සම්මාන උලෙළේදී News 1st සහ ගම්මැද්ද සම්මානයට පාත්‍ර වෙයි

by Staff Writer . 08-12-2021 | 8:52 AM

COLOMBO (News 1st) : එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවක සම්මාන (UNV) උලෙළේදී News 1st සහ ගම්මැද්දට සම්මාන පිරිනැමිණ.

ඒ ගම්මැද්ද හා News 1st ශ්‍රී ලංකාව තුළ ස්වේච්ඡා සේවය ප්‍රවර්ධනය සඳහා දක්වන දායකත්වය අගයමිනි. කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවති සම්මාන උළෙලේදී ස්වේච්ඡා සේවා අගය කරමින් සම්මාන ප්‍රදානය කෙරිණ. ගම්මැද්ද මෙරට  දිස්ත්‍රික්ක 25 පුරා ක්‍රියාත්මක විශාලතම බිම් මට්ටමේ වැඩසටහනයි. 2016 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ ලෝක මානුෂීය සමුළුවේදී ප්‍රමුඛ පෙළ මානුෂීය වැඩසටහනක් ලෙස ගම්මැද්ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලැබිණ.