එක්සත් ජාතීන්ගේ මහලේකම් නිරෝධායනයට

එක්සත් ජාතීන්ගේ මහලේකම් නිරෝධායනයට

by Staff Writer . 08-12-2021 | 1:06 PM

COLOMBO (News 1st ) –   එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් නිරෝධායනයට යොමු වී තිබේ.

ඒ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් 72 හැවිරිදි ඔහුගේ ඉදිරි සියලු සංචාර අවලංගු කර ඇති බවයි. අන්තෝනියෝ ගුටරෙස් මේ වන විට කොරෝනා මර්දන බූස්ටර් එන්නත ද ලබා ගෙන ඇතැයි සඳහන් ය.