ධීවරයෙකු අතුරුදහන්..

ධීවරයෙකු අතුරුදහන්..

ධීවරයෙකු අතුරුදහන්..

කර්තෘ Staff writer

08 Dec, 2021 | 8:16 am

COLOMBO (News 1st ) – ගන්දර ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් අනතුරට පත්වී ධීවරයෙකු අතුරුදන්ව තිබේ.

මෙසේ අතුරදන්ව ඇත්තේ , දෙවිනුවර, කපුගම පදිංචි 64 හැවිරිදි ධීවරයෙකි.

ඔහු තවත් හතර දෙනෙකු සමග “පියුමිකා 02” බහුදින යාත්‍රාවෙන් පසුගිය 28 වැනිදා මුහුදු ගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ , කිරින්ද මුහුදු සීමාව තුළදී එන්ජිම ක්‍රියා විරහිතව, රළ පහරට හසුව යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් එහි සිටි සෙසු ධීවරයින් වෙනත් බහුදින යාත්‍රාවකට ආධාරයෙන් දිවි බේරාගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]