ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 08-12-2021 | 5:45 AM
දේශීය පුවත් 1. පකිස්ථානයේ ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශය ඇත්තනම් ඔහු ලාංකිකයින්ගෙන් සමාව ගත යුතුයි – සරත් වීරසේකර – ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාට අමෙරිකානු ඩොලර් ලක්ෂයක වන්දියක් ලබාදීමටත් ඔහුගේ මාසික වැටුප අඛණ්ඩව බිරිඳට ගෙවීමටත් තීරණය කර ඇතැයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ (07) නිවේදනය කළේ ය. 2.ප්‍රියන්ත කුමාර ඝාතනයේ අත්‍යාවශ්‍යව සිටි සැකකරු අල්ලයි : පකිස්ථානයේ සියල්කොට්හිදී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අත්‍යාවශ්‍යව සිටි සැකකරු පන්ජාබ් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 3.සපුගස්කන්ද පිරිපහදුවේ මෙහෙයුම් යළි ඇරඹේ : පාඩු ලබන බව පවසමින් දින 50 කට වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ඊයේ (07) සිට ආරම්භ වේ. 4.වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි : වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ඊයේ (07) අභාවප්‍රාප්ත විය. 5.පොඩි ලැසී ගැන ඉදිරි පියවර 13 අධිකරණයට දැනුම් දෙන බව නීතිපති කියයි : දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ප්‍රබල පාතාල කල්ලි සමාජිකයකු යැයි, කියන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසීගේ’ රැඳවුම් නියෝග කාලය අවසන් වූ පසු ඔහු පිළිබඳව ගන්නා ඉදිරි පියවර පොලිස්පතිවරයාගෙන් විමසා දැනුම් දෙන බව නීතිපතිවරයා ඊයේ (07) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය. විදෙස් පුවත් 1. බොලිවුඩ් නිළි ජැක්ලින්ට රටින් පිටවීම තහනම් – බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩර්ස් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින්, රටින් පිටව යාම හදිසියේම නතර කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගත්තේය .