ප්‍රියන්ත කුමාර ඝාතනයේ අත්‍යාවශ්‍යව සිටි සැකකරු අල්ලයි

ප්‍රියන්ත කුමාර ඝාතනයේ අත්‍යාවශ්‍යව සිටි සැකකරු අල්ලයි

ප්‍රියන්ත කුමාර ඝාතනයේ අත්‍යාවශ්‍යව සිටි සැකකරු අල්ලයි

කර්තෘ Sagarika Chathumali

07 Dec, 2021 | 12:24 pm

COLOMBO (NEWS1ST):  පකිස්ථානයේ සියල්කොට්හිදී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අත්‍යාවශ්‍යව සිටි සැකකරු පන්ජාබ් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පන්ජාබ් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉමිටියාස් හෙවත් බිල්ලි නමැති සැකකරු ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රාවල්පින්ඩි බලා යන බස් රථයකදී අත්අඩංගුවට ගත් සැකකරු හඳුනා ගෙන ඇත්තේ, ප්‍රියන්ත කුමාර මහතාට වධ හිංසා පැමිණවූ පුද්ගලයා ලෙසයි.

පන්ජාබ් පොලීසිය සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සැලසුම් කළ පුද්ගලයා ද ඒ අතර වේ.

පකිස්ථානයේ සියල්කොට්හි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ කොටස් ගනේමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර හෙට (08) ගනේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]