සාරුව සුනිල්ගේ ප්‍රතිශෝධන පෙත්සම මාර්තු 8 විභාගයට

සාරුව සුනිල්ගේ ප්‍රතිශෝධන පෙත්සම මාර්තු 8 විභාගයට

by Staff Writer . 07-12-2021 | 4:15 PM

COLOMBO (NEWS1ST):  අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම මාර්තු 08 දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (07) දින නියම කළේ ය.

බාල වයස්කාර දැරියක දූෂණය කළ බවට වරදකරු වී කොළඹ මහාධිකරණය මගින් ඔහුට වසර 15 බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබිණ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ, ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ විරෝධතා ගොනුකර ඇති බවයි. මේනකා විජේසුන්දර ,නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම අද කැඳවී ය.