රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

by Staff Writer . 07-12-2021 | 8:42 AM
COLOMBO (NEWS1ST):  වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්තවී තිබේ. ඒ කොවිඩ් ආසාදිතව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී ය. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 82 කි. ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි.