යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ලියනගේ

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

by Sagarika Chathumali 07-12-2021 | 11:16 AM

COLOMBO (NEWS1ST): මේජර් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් කර තිබේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ධුරයට පත් කර ඇත්තේ අද (07) සිට ක්‍රියාත්මක වන පරිදියි. ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් විකුම් ලියනගේ මෙම ධූරයේ රාජකාරි භාර ගැනීමට පෙර ශ්‍රී  ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බල සේනාවේ සේනා විධායක ධූරය හෙබවීය. 58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි ඉටුකළ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් විකුම් ලියනගේ එම ධූරයට පත්කෙරිණ.