ජැක්ලින්ට රටින් පිටවීම තහනම්

බොලිවුඩ් නිළි ජැක්ලින්ට රටින් පිටවීම තහනම්

by Staff writer 07-12-2021 | 8:50 PM

COLOMBO (News 1st ) - බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩර්ස් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින්, රටින් පිටව යාම හදිසියේම නතර කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගත්තේය .

ඒ ජැකලින් සංදර්ශනයකට ඩුබායි බලා පිටත්ව යාමට පැමිණී අවස්ථාවේ දී ගුවන් තොටුපොළ බලධාරීන් මෙලෙස ඇයගේ විදෙස්ගතවීම අත්හිටුවීමට ක්‍රියා කළේ ය. ඒ, ඉන්දීය ආරක්ෂක නිලධාරීන් නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි. ජැක්ලින් ෆර්නැන්ඩර්ස්ට හෙට (08) දිනයේ දිල්ලි විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටින ලෙස ද දන්වා තිබේ. මේ සිදුවීමට මුල්වී තිබෙන්නේ දූෂිත මුදල් ගනුදෙනුවකට අදාළව ඇගේ නමත් ඈඳී තිබීමයි. ඉන්දියාවේ විශාලතම දූෂිත මුදල් ගනුදෙනුවක් ලෙස සැලකෙන සිදුවීමක් සම්බන්ධයෙන් සුකේෂ් චන්ද්‍රසේකර් නැමැත්තෙකුට මෙන්ම ඔහුගේ බිරිඳ වන රංගන ශිල්පිනී ලීනා මරියා පෝල් සහ තවත් 06 දෙනෙකුට මේ වනවිට චෝදනා එල්ල වී තිබේ එලෙස චෝදනා එල්ල වී ඇති සුකේෂ් චන්ද්‍රසේකර් විසින් අවස්ථා ගණනාවකදී ජැක්ලීන් ෆර්නැන්ඩර්ස්ට පර්සියන් බළලුන් , අශ්වයින් ඇතුළු තවත් මිල අධික ත්‍යාග ලබා දී ඇතැයි සඳහන් වේ . චන්ද්‍රසේකරන් සහ ජැක්ලීන් ෆර්නැන්ඩර්ස් අතර මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව ඇයගේ විදෙස් ගත වීම් අත්හිටුවීමට ඉකුත් ඉරිදා ඉන්දීය බලධාරීන් පියවර ගත්තේය.