by Staff Writer . 07-12-2021 | 9:22 AM
COLOMBO (NEWS1ST): පාඩු ලබන බව පවසමින් දින 50 කට වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (07) සිට ආරම්භ වේ.
පසුගිය 15 වැනිදා විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේ දින 50 කට පිරිපහදුව වසා දැමීමෙන් බොරතෙල් ආනයනයට වැය වන සීමිත විදේශ විනිමය පෙට්‍රල් ,ඩීසල් ,ඖෂධ , ආහාර හා ගෑස් වැනි අත්‍යාවශ්‍යදේ ගෙන්වීමට යොමු කර ගැනීමට හැකි බවයි.
දින 22 ක් ගතවෙන අද දිනයේ පිරිපහදුව යළි විවෘතවන්නේ, පසුගිය තුන්වෙනිදා මෙරටට පැමිණ ඇති බොරතෙල් තොගයක් පිරිපහදු කරමිනි.
ඇස්ට්‍රො ස්කල්ප්ටර් නමැති මෙම බොර තෙල් නෞකාව ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර ඇත්තේ පසුගිය මස 22 දායි.
ඒ සපුගස්කන්ද පිරිපහදුව දින 50 කට වසා දමන බවට නිවේදනය කර දින 7 කිනි.
එම නෞකාව පසුගිය මස 30 වෙනිදා කොළඹ වරායට ආසන්නයට පැමිණ තිබිණ.