සජබ මන්ත්‍රීන් විරෝධතාවක

සමගි ජන බලවේග මන්ත්‍රීවරු විරෝධතාවක...

by Staff Writer . 06-12-2021 | 10:16 AM

COLOMBO (NEWS1ST): පාර්ලිමේන්තු සංකිර්ණයේ මන්ත්‍රී පිවිසුම අබියස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06) විරෝධතාවක නිරත වූහ.

අප වාර්තාකරු පැවසුවේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට නොපැමිණි බවයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළේ, අද දෙවැනි දිනටයි. මේ අතර පසුගිය සිකුරාදා සහා සෙනසුරාදා පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරිමට පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.