බැඳුම්කර නඩුවේ චෝදනා 11ක් පවත්වාගෙන යා නොහැකියි

බැඳුම්කර නඩුවේ චෝදනා 11ක් පවත්වාගෙන යා නොහැකියි - අධිකරණය

by Staff Writer . 06-12-2021 | 1:50 PM

COLOMBO (NEWS1ST):  මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ චෝදනා 22 න්, 11 කින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 10 දෙනා නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

මෙම නඩුව අද අමල් රණරාජා , නාමල් බලල්ලේ හා ආදිත්‍ය පටබැදිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවී ය. පෙර නඩු දිනයේ විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය නිකුකරමින් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විත්තිකරුවකු ලෙස නම් කර ඇති බැවින් භෞතිකව විත්තිරුවකු නොමැති අවස්ථාවවකදී ඒ හා බැඳි අධිචෝදනා 11 ක් විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යෑමේ නීතිමය පදනමක් නොමැති බවයි. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි පනවා තිබූ අධිචෝනා 22 න් 1 සිට 11 දක්වා වූ චෝදනා ඉවත් කිරීමට විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය.