'පවාස්' ඝාතනයේ සැකකරුවන් 4 ක් කඩු 4 ක් සමග අල්ලයි

by Staff Writer . 06-12-2021 | 9:06 AM

COLOMBO (NEWS1ST):  'කෙසෙල්වත්තේ පවාස්' නමැත්තා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු කඩු 4 ක් සමග CCD ය අත්අඩංගුවට ‌ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා ලුහුබැඳ ගොස් තියුණු ආයුධවලින් පහරදී  ඝාතනය කර තිබුණේ, පසුගිය 5 වනදා රාත්‍රීයේ ය. කෙසෙල්වත්තේ පවාස් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. එලෙස ඝාතනයට ලක්ව ඇති මොහොමඩ් කාමිල් මොහොමඩ් හෙවත් පවාස් (33) මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින මත ගැටුමක් ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, පොලීසිය ඊයේ පැවසී ය. https://www.youtube.com/watch?v=joNf_gDaEIQ&t=4s