දියේ ගිලීම්වලින් දෙදෙනකු මිය ගොස් තවත් 5ක් අතුරුදන්

by Staff Writer . 06-12-2021 | 12:45 PM

COLOMBO (NEWS1ST):  මුලතිව්, පේරාදෙණිය හා කුරුවිට යන ප්‍රදේශ්වල සිදුවූ දියේ ගිලීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 5 අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ, මුලතිව් වෙරළ තීරයේදී දියවැලකට හසුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. මේ අතර පේරාදෙණිය නිල්අඹ ඔයේ දිය නෑමට පැමිණි පිරිසක් දියේ ගිලීමෙන් 20 හැවිරිදි අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. එහිදී සැඩපහරට හසුව මොහොමඩ් රිෆාස් නමැති වයස අවුරුදු 22ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් විය. වයස 19 ක් වූ ෆාතිමා අෆ්රා සහ දෙහැවිරිදි ෆාතිමා ආලියා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. කුරුවිට, වලදුර ප්‍රදේශයේදී ගැරඩිඇල්ලේ දිය නාමින් සිටි පුද්ගලයෙකු සැඩපහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.