60 ඉක්ම වූ 67,000 ක් කිසිදු කොරෝනා එන්නතක් ගෙන නෑ

COVID-19 : 60 ඉක්ම වූ 67,000 ක් එන්නත් ගෙන නැහැ

by Staff Writer . 05-12-2021 | 10:28 AM

COLOMBO (NEWS1ST):  වයස අවුරුදු 60 ඉක්මවු පුද්ගලයින් 67,000ක් මෙතෙක් කිසිදු කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන නැතැයි අනාවරණ වී තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පැවසුවේ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මගින් කළ විමර්ශනයකින් ඒ බව අනාවරණය වූ බවයි. ඉන් වැඩි පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු පුද්ගලයින් එන්නත්කරණයට යොමුව ඇතැයි තමන්ට දැනුම් දී ඇති බවයි. මෙතෙක් එන්නත්කරණයට ලක්නොවූ පිරිස් කඩිනමින් තම බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ගොස් ඒ සඳහා යොමු වන්නැයි, ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටී.