සපුගස්කන්ද පිරිපහදුව දෙසැ. 07 සිට යළි ඇරේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙසැ. 07 සිට යළි ඇරේ

by Staff Writer . 05-12-2021 | 11:30 AM

COLOMBO (NEWS1ST):  සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දෙසැම්බර් 07 වැනිදා නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු එලෙස යළි ඇරඹෙන්නේ, දින 22 කට පසුවයි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිවුස්ෆස්ට් වෙත පැවසුවේ,ලබන 07 වනදා සිට බොරතෙල් පිරිපහදු කටයුතු සිදු කෙරෙන බවයි. දින 50 කට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට පසුගිය මස 15 වනදා තීරණය කෙරිණ.